නුවරඑළිය පාසල් වසා දැමීමට තීරණයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සහ අනිද්දා එනම් ලබන 06 සහ 07 යන දෙදින වසා තැබෙන බව කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය යටතේ මෙම තීරණය ගෙන ඇති බව යි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එසේම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා කහ පැහැති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.