කොළඹ සිට යාපනයට ගුවනින් යන්න වැඩසටහනක්

රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයකින් ලඟා විය හැකි වන පරිදි ගුවන් සේවාවක් ආරම්භ කර ඇති රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාරිත්වය දැනුම් දෙනවා.

ඒ අනුව සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා, සහ බ්‍රහස්පතින්දා යන දිනවල දී උදෑසන මෙම ගුවන් ගමන් කටයුතු ක්‍රියාත්මක වෙන්වා.

මඟින් 12 දෙනෙකුට ගමන් කල හැකි Cessna 208 නමැති අංක දරන ගුවන් යානා, Fits Aviation සහ David Peries Aviation යන සමාගම් මඟින් යොදවා තිබෙනවා.

මෙහි ගමන් කරන මඟීන්ට කිලෝ 07 ක බරක් ගෙන යා හැකි වන අතර යාපනයට යාමට සහ ඒමට මේ හරහා විශාල පහසුවක් සැලසෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.