සාමාන්‍යයෙන් මසකට එක බැගින් එක් වර්ෂයකට පසළොස්වක දිනයන් 12 ක් යෙදෙනවා. කෙසේවෙතත් ඇතැම් වර්ෂ වලදී චන්ද්‍රයාගේ ගමන අනුව අමතර පසළොස්වක පොහොය දිනයක් යෙදිය හැකි වෙනවා.
එසේ අමතරව යෙදෙන පසළොස්වක දිනය “අධි පසළොස්වක පොහොයක්” ලෙස හඳුන්වනු ලබනවා.
මෙම අධි පසළොස්වක පොහොය දිනය ශාසන හෝ බෞද්ධ ඉතිහාසයේ කිසිදු ඓතිහාසික සිදුවීමට සම්බන්ධ නොවන බවයි විද්වතුන් මත පළ කරන්නේ.
කෙසේවෙතත් අද ඇසළ අධි පොහෝ දිනයේ, අන් පොහෝ දිනයන් වල මෙන්ම බෞද්ධ ජනතාව දාන, සීල, භාවනා ආදියේ නියැලෙමින් ආගම දහම අදහමින් කාලය ගත කරනවා.
මේ අතර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 19 වන දින ආරම්භ වු රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික උත්සවයට සමාගාමීව පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය හෙට පෙරවරුවේ මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් වීමට නියමිතය.

