මත්පැන් නිෂ්පාදනාගාරවලින් අය විය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත උපදෙස් ලබා දී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මත්පැන් නිෂ්පාදන සමාගම් 10 වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක පමණ මුදලක් රජයට අය විය යුතුව ඇති බව යි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එම කාලය තුළ හිඟ මුදල් පියවීමට කටයුතු නොකරන්නේ නම් එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව යි සඳහන් කර ඇත්තේ.

