වැග්නර් කුලී හේවා කණ්ඩායම විසින් රුසියානු රජයට එරෙහිව කරන ලද කෙටි කැරැල්ල, එරට අභ්‍යනතර බල අරගලයක කොටසක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
යුක්රේනයට සහය දක්වන ඇමරිකාව ඇතුළු අනෙකුත් බටහිර රටවල කිසිදු සම්බන්ධයක් එම කැරැල්ලට නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේවෙතත් වැග්නර් කුලී හමුදාවට රට තුළ ව්‍යාකූල තත්ත්වයක් උද්ගත කිරීමට බටහිර රටවල් උසි ගැන්වීම් සිදු කළ බවට රුසියාව චෝදනා කරනවා.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ ඇමරිකාව විසින් යුක්රේනයට ඩොලර් මිලියන 500 ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

