වසර 5ක කාලයක් තුළ මෙරට මුළු විදේශ ණය ප්රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්රතිව්යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරනවා.
මුළු විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන 41.5ක් වන අතර ඒ අනුව දේශීය ණය ද ප්රතිව්යුහගත කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මෙම ප්රතිව්යුහගතකරණයෙන් ශ්රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද සඳහන් කරනවා.
එමෙන්ම බැංකු පද්ධතියේ තැන්පතුවලට ද, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු පොලිය සඳහා ද ඉන් බලපෑමක් නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

