ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව හැරුණු කොට ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් B කාණ්ඩය යටතේ සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කණ්ඩායම් දෙකම මේ වන විට තරග තුනක දී ජයග්‍රහණ තුනක් සමඟ 100% ක ජහග්‍රාහී වාර්තාවක් තබා තිබීම විශේෂත්වයකි.

එසේම A කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ යන කණ්ඩායම් එම වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

A කාණ්ඩයෙන් නේපාලය සහ ඇමරිකා එක්සත් ජනපදය ද, B කාණ්ඩයෙන් අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද ඉවත් වී තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගය ජූලි 09 වන ඉරිදා දහවල් 12.30 සිට පැවැත්වීමට නියමිතයි.