වයස අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් එකවර විශ්‍රාම යාම සහ ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් රජයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති වී තිබෙනවා.
විශේෂඥ වෛද්‍යවරු 148 දෙනෙක්, සාමාන්‍ය වෛද්‍යවරු 200 ක් පමණත්, රජයේ ලියාපදිංචි වෛද්‍යවරු 350 ක් පමණ පිරිසක් මෙන්ම දන්ත වෛද්‍යවරු 50 ක් පමණ මේ මස 30 වනදායින් විශ්‍රාම යාමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එසේම ප්‍රාදේශීය රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ගෙන් හරි අඩකටත් වඩා ප්‍රමාණයක් ද එලෙස විශ්‍රාම යාම හේතුවෙන් එම රෝහල් ද පවත්වා ගෙන යාමේ බරපතල ගැටළුවක් ඇති වී තිබෙනවා.

