භූමිතෙල් මිල අඩු වුනත් මාළු මිල අඩු කරන්න බැහැ

පසුගිය පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බව ධීවර සංගම් පවසනවා.

ගෘහස්ථ භූමිතෙල් මිල රුපියල් 50 කින් සහ කාර්මික භූමිතෙල් මිල රුපියල් 134 කින් අඩු වුවත්, එම සංශෝධනය මාළු මිල ගණන් අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ.

එසේම මේ දිනවල මසුන් අල්ලා ගන්නා ප්‍රමාණයේ දී යම් අඩුවක් දක්නට ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.