ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබා දී තිබූ කාලසීමාව දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

ඒ සඳහා ලබා දී තිබූ කාලය පසුගිය 16 වැනි දායින් අවසන් වූ අතර එම කාලය දීර්ඝ කිරීමෙන් පසුව ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි කොමිසම සඳහන් කරන්නේ.

ඇතැම් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නිසි පරිදි සිදුව නැති බවට වාර්තා වී තිබීම හේතුවෙන් මෙලෙස කාලය දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම රටේ ආර්ථීක තත්ත්වය යහපත් අතට පත්ව ඇති බවට වාර්තා පළවන බැවින් මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් යළිත් මුදල් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.