පොලිසිය නව කෙටි දුරකථන අංකයක් හඳුන්වාදෙයි

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් තොරතුරු දැනුම් දීම සඳහා නව කෙටි දුරකථන අංකයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංකය වන්නේ 1997 ය.

එම කෙටි දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍යය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි , උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකිය.