ඩෙංගු මදුරුවන්ගේ දෂ්ටනය අවම කර ගැනීමේ පිළියමක් ලෙස බස්නාහිර පළාත් පාසල් ළමුන් හට පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කරනවා.
පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බව යි ඔවුන් පවසන්නේ.
බස්නාහිර පළාතෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,881 වන අතර එය ප්‍රතිශතයක් ලෙස 49.9% වෙනවා.

