කතරගම සුරාසැල් වසා දමයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජූලි 04 මස වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම දේවාලයෙහි ඇසළ උත්සවය සඳහා සහභාගී වන බැතිමතුන් කිසිවෙකුටත් මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

පෙරහැර පවත්වන කාල සීමාව තුළ දී රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට ද කටයුතු ක‍ර ඇති බව යි සඳහන් කරන්නේ.