බොරතෙල් මිල පහලට

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 1% ක ට වඩා වැඩි අගයකින් පහත බැස ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වා එනම් 1% කින් ද, වෙස්ට් ටෙක්සාස් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.02 දක්වා එනම් 1.1% කින් ද අඩු වී තිබෙනවා.

ඔපෙක්+ සාමාජිකයින් පසුගිය දා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩු කිරීම හේතුවෙන් බොරතෙල් මිල වැඩි වීමකට ලක් වුනා.