ප්රතිව්යුහගතකරණය මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විකිණීමේ සූදානමට විරෝධය පළ කරමින් ලංකා විදුලි සේවක සංගමය වෘත්තීය ක්රියාමාර්ගයක් ගැනීමට කර තීරණය තිබෙනවා.
ඒ අනුව අනිද්දා දිනයේ දී සියලුම සේවකයින් කොළඹට කැඳවීමට වෘත්තීය සමිති සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
එසේම එදින සියලු වැඩබිම් වල කටයුතු අත්හිටුවමින් එයට සහය පළ කරන බැවින්, අනිද්දා දිනයේ දී විදුලි බිඳවැටීම් සිදු විය හැකි බව ඔවුන් ප්රකාශ කරනවා.

