රටේ මේ වන විට පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
රජය තවදුරටත් භාණ්ඩ 900 ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යනයකින් යුතුව ආර්ථික කළමානාකරණය කරමින් සිටන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔහු පවසන්නේ රථ වාහන ආනයනය වැනි විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වන කටයුත්තකට මේ අවස්ථාවේ අවසර දීමෙන් ඩොලරය යලිත් විශාල ලෙස ඉහළ යා හැකි බවයි.

