ඩොලරය යලි ඉහළට

අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපී පෙනෙන අගයයකින් ඉහළ ගොස් ඇති බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස ද සටහන් වීමත් සමඟය.

2023 මැයි 16 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් සහ විකුණුම් මිල ගණන් මෙය වනවා.