මුළු ඩෙංගු රෝගීන්ගෙන් හතරෙන් එකක් පාසල් ළමුන්

මෙරටින් වාර්තා වන මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් එනම් හතරෙන් එකක් පාසල් ළමුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරනවා.

මේ හේතුවෙන් ශරීරයේ නිරාවරණය වන ස්ථානවල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

හෙට දිනයේ සිට නැවතත් පාසල් ආරම්භ වන අතර ඊයේ මෙන්ම අද දිනයේ ත් පාසල් ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාතක්මක කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වසරේ ගෙවුන් කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 42,184 ක් වාර්තා වී තිබෙනවා.