පේරාදෙණිය සරසවිය නැරඹීමේ අවස්ථාවක්

මෙරට ස්වාභාව සෞන්දර්යයෙන් වැඩිම, සුන්දරතම විශ්වවිද්‍යාලය ලෙස හැඳින්විය හැකි පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ජූලි 01 වනදා දිනය එලෙස ජනතාවට වෙන් කර ඇති අතර එය “Open Day 2023” ලෙස නම් කර තිබෙනවා.

1942 වර්ෂයේ දී ඉංග්‍රීසි පාලන සමයේ දී ආරම්භ කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන පළමු අවස්ථාව මෙය වනවා.

එදිනට විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ ජනතාවට විවෘතව තැබෙන අතර, ඒ තුල විද්‍යා ප්‍රදර්ශනයන් මෙන්ම සංස්කෘතිකාංග ද දැක බලා ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා.

එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳව පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ද මෙමගින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.