සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු පිලිබඳ දැනුවත් කිරීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු 2022 (2023) උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

2022(2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඊයේ අවසන් වීමත් සමඟ මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.