අලුත් වාරයට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන සඳුදා සිට නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලුම පාසල් වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදුකරන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් යොදා ගනිමින් ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී සිදු කරන බව වැඩිදුරටත් සඳහන් කරනවා.