අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවත වතාවක් අධි චෝදනා ගොනුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙනි.
ඒ අනුව ලබන අඟහරුවාදා මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දී තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහුට එරෙහිව අධිචෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කළ අතර අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් ආරම්භ කළ පළමු අවස්ථාව ලෙසට යි එය වාර්තා වෙන්නේ.

