විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට MonkeyPox රෝගය වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.
මවට සහ දියණියට එලෙස MonkeyPox වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
පියාට ද විදෙස් රටක දී MonkeyPox වැල ඳී සුවය ලැබීමෙන් අනතුරුව මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබෙනවා.
මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදු කළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

