මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග වංචා සිද්ධීන් තුනක් ඊයේ දින වාර්තා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
බිබිල වෙල්ලස්ස ජාතික පාසල, හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක දී මෙලෙස විභාග වංචා සිදු වී තිබෙනවා.
මෙම සිද්ධීන් තුනේ දී ම අපේක්ෂකයන් සිය ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමට යාමේ දී නිරීක්ෂකවරයා විසින් සිද්ධිය අනාවරණය කරගෙන ඇති බවටයි සඳහන් වෙන්නේ.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ප්‍රකාශ කරන්නේ.

