රාත්‍රී 10.49ට පමණ ගම්පොළ ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදු ව ඇති බවට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 2 ක් ලෙස මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන ප්‍රදේශවල කම්පන මාපකවල සටහන්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙම භූ කම්පනයේ කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන තිබෙනවා.

