වර්ෂාවත් සමඟ ඩෙංගු පැතිරීමේ ඉහළ යාමක්

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

බ්‍රිටෝ දර්ශකයට අනුව මදුරු ඝනත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල 25% දක්වා ඉහළ ගොස් ඇති බව යි ඔවුන් සඳහන් කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින කඩින් කඩ වර්ෂාව සහ ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටටමට ඉදිරියට යමින් පවතින බවයි.