ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.
මාස 3කට සරිලන ලෙස එම ඖෂධ තොග මිල දී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉක්මනින්ම භාර දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ඔහු සඳහන් කලේ.
එසේම ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබාදීම කෙරෙහි ද අවදානය යොමුව ඇති අතර එම සේවා යළි යථා තත්ත්වයට පත්කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි ඔහු පවසනවා.

