අනුරාධපුර නගරයේ විශේෂ ආරක්ෂාවක්

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

අනාරක්ෂිත ස්ථානවල දියනෑම වැළැක්වීම සඳහා ද අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන බව යි ඔහු සඳහන් කලේ.

එසේම පූජා නගරය ආශ්‍රිත කසළ බැහැර කිරීමේ දී විධිමත් පරිදි එම කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.