පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට

පොසොන් පොහොය නිමිත්තෙන් අද සිට ලබන සඳුදා එනම් 05 වැනිදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ ගමන්වාර ක්‍රියාත්මක බවයි එහි නියොජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කරන්නේ.

එසේම අද සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ද ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.