ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව යි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.
එසේම ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් මල් මාලා, හැඳි – ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ආනයනය ජූනි මාසයේ අග වන විට සම්පුර්ණයෙන් තහනම් කිරීමට පියවර ගන්නා බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කරන්නේ.

