2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම සුප්‍රකට විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා.
මෙම කණ්ඩායමට මෙවර තරගාවලියේ ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත් කර තිබෙනවා.
ඔහු මෙවර තරගාවලියේදී තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 19ක් බිද දමන්නට සමත් වුණා.
විස්ඩන් සගරාව විසින් නම් කළ 2023 IPL කණ්ඩායම වන්නේ ෆෆ් ඩු ප්ලේසිස්,යශස්වී ජයිස්වාල්,ශුබ්මන් ගිල් ,සූර්යකුමාර් යාදෙව් ,හෙන්රිච් ක්ලාසන්,රින්කු සිං ,රවීන්ද්‍ර ජඩේජා ,රෂීඩ් ඛාන් ,මොහොමඩ් ශමී,මොහිත් ශර්මා සහ මතීෂ පතිරණයි.

