චීනයේ දැනට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය ලබන ජූනි මාසයේ දී උච්චතම අවස්ථාවට පැමිණෙමින් සතියකට මිලියන 65 ක් පමණ ආසාදිතයන් පිරිසක් වාර්තා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ වන විටත් නවතම ඔමික්‍රොන් ප්‍රභේදය වන XBB සමඟ එරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බැවින් චීන රජය විසින් එන්නත්කරණ වැඩසටහන් වේගවත් කරමින් පවතිනවා.
එම ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා නව එන්නත් දෙකක් ද සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

