මහනුවර රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍රයක් ක්‍රියා විරහිත වෙයි

මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ හෘද රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකර්ම කිරීමට පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන් 8,000කගේ පමණ ජීවිත මේ නිසා අවදානමකට ලක්ව ඇති බවයි.

හෘද කැතීටකරණ යන්ත්‍ර 14ක් දිවයින පුරා රෝහල් 11ක ස්ථාපිත කර ඇති අතර ඉන් 2ක් මහනුවර ජාතික රෝහල සතුව පවතී.