දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 30% මෙරට දී ම නිෂ්පාදනයට සැලසුම්

මේ වසර අවසන් වනවිට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරටදී ම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන්නේ 17 %ක් පමණක් වන අතර ඉදිරි වසර දෙක තුළ එම ප්‍රමාණය 70% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.