පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවන් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලට හෙට උදෑසන තෙක් වලංගු වන ලෙස අනතුරු ඇඟවීම් සිදු කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.
මේ අතර බස්නාහිර පළාත මෙන්ම රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

