ජපානය අභිබවමින් චීන මෝටර් රථ ඉදිරියට

ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස සැලකෙන ජපානය අභිබවා යාමට චීනය සමත් වී තිබෙනවා.

2023 වසරේ පළමු කාර්තුවේ චීනය මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති අතර එම කාලය තුළ දී ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණි.

ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීම ඔවුන්ගේ මෙම වාසියට හේතුවී ඇති බව විචාරකයන්ගේ අදහස යි.