මියන්මාරයට බලපෑම් එල්ල කරමින් සිටින මෝඛා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
සුළි කුණාටුවෙන් සිය නිවාස අහිමි වී අසරණ වී ඇති ජනතාව එරට හමුදා ප්‍රහාරවලින් ද පීඩාවට පත් වී ඇති බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ගෙවුණු වසර 10 ක කාලය තුළ එරට ගොඩබිමට පැමිණි ප්රබලතම සුළි කුණාටුව ලෙස මෙය හඳුන්වන අතර එහි වේගය පැයට කිලෝමීටර 209 ක් පමණ වනවා.

