සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති නතර කළ යුතු දිනය දැනුම් දෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු උපකාරක පන්ති පැවැත්වීම ලබන 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙනවා.

2023(2022) සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයින්ගෙන් ඒ සඳහා වන අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වහාම යොමුකරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඉල්ලා සිටිනවා.

ඉල්ලුම් පත් යොමු කළ ද මෙතෙක් ජාතික හැඳුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු අයදුම්කරුවන්ට 0115 22 61 00 හෝ 0115 22 61 26 යන දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි වේ.