මෙම යල කන්නය සඳහා බණ්ඩි පොහොර හෙවත් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට බන්ඩි පොහොර රුපියල් 15,000ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

