දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.