වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වය වර්ධනය වෙන ලකුණු

පවතින වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිල්වලා ගඟ පිටබැද්දර, පානඩුගම සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලින් ද, ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබෙනවා.

මේ හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගා ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාවට තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසට අවධාරණය කරනවා.