පවතින වර්ෂා තත්ත්වයත් සමඟ නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
මේ හේතුවෙන් කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාවට ගංවතුර සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
එමෙන්ම අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට ද මේ ගැන සැලකිලිමත් වන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

