කේක් කියන්නේ කවුරුත් කන්න ආස කෑමක් නේ. ඉතින් කඩේ ගන්න ගියොත් නම් ලොකු වියදමක් යන චීස් කේක් එකක් කොහොමද ලේසියෙන් ම රහට ගෙදර දී හදා ගන්නේ කියලා අද අපි බලමු.
ඔයාල දන්නවා ඇති චීස් කේක් එකක layers දෙකක් තියෙනවා. එකක් බිස්කට් වලින් හදා ගන්න ටිකක් ඝනකම් crust එක, අනික තමයි soft කොටස. ඉතින් අපි බලමු මේ දෙක කොහොමද හදා ගන්නේ, මොනවද ඒ සඳහා ඕනි කරන්නේ කියලා.
මේ තියෙන මිනුම් 12 දෙනෙක් ට සෑහෙන්න තමයි තියෙන්නේ. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කර ගන්න පුළුවන්.
crust එකට
- හොඳට කුඩු කර ගත්ත බිස්කට් කෝප්ප එක හමාරක් (200g)
මේකට මාරි හරි එහෙම නැත්නම් ඕනිම cracker බිස්කට් ජාතියක් ගන්න පුළුවන්. - සීනි කෝප්ප තුනෙන් එකක් (67g)
- දිය කර ගත්ත බටර් මේස හැඳි 6 ක් (85g)
ලුණු එකතු කරලා නැති ඒ කියන්නේ unsalted බටර් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
චීස් කේක් එකට
- චීස් ක්‍රීම් 904g
- සීනි කෝප්පයක් (200g)
- sour ක්‍රීම් කෝප්පයක් (240g)
- වැනිලා තේ හැඳි එකක්
- ලොකු බිත්තර තුනක්
- දෙහි යුෂ තේ හැඳි දෙකක් (අනිවාර්යය නැහැ)
දැන් අපි බලමු කොහොමද අපේ චීස් කේක් එක හදා ගන්නේ කියලා
අවන් එක ෆැරන්හයිට් අංශක 350 කට එහෙම නැත්නම් සෙල්සියස් අංශක 177 ක් වෙන්න pre heat කර ගෙන තියා ගන්න.
- කේක් එකේ crust එක හදමු
- බ්ලෙන්ඩරයක් මගින් හෝ වෙනත් සුදුසු ආකාරයට ඉස්සෙල්ලම බිස්කට් ටික හොදින් කුඩු කර ගන්න. ඊට පස්සේ ඒකට සීනි හා දිය කර ගත්ත උණු බටර් ටික එකතු කරලා හොදින් මිශ්‍ර කරන්න. බිස්කට් කුඩු එකට එකතු වෙලා කැටි වගේ හැදිලා තියෙනව නම් ඒවා හොදින් ආයෙම සියුම් වෙනකම් මිශ්‍ර කර ගන්න. ඊළඟට මේ මිශ්‍රණය pan එකක් අර ගෙන හෙමින්
ඒකෙ පැතලිව අතුරන්න. අතුරන්කොට ගොඩක් ලොකු pressure එකක් දෙන්න එපා මොකද එහෙම උනොත් මේ crust එක ගොඩක් ම හයිය වෙන්න පුළුවන්.
ඔයා ළඟ springform pan එකක් තියෙනවා නම් එකට crust එක අතුර ගන්න පුළුවන්. එතකොට ලේසියෙන් කේක් එක ගලවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය pan එකක් ගන්න කිසිම අවුලක් නැහැ.
ඇලුමිනියම් කොළයකින් මේක වහලා තියලා අපි චීස් කේක් එකේ soft කොටස එහෙම නැත්නම් පිරවුම හදා ගන්න යමු.
2. චීස් කේක් පිරවුම හදමු
- ක්‍රීම් චීස් සහ සීනි හොදින් මිශ්‍ර කර ගෙන සිනිඳු ක්‍රීම් එකක් වෙනකම් හොඳින් beat කර ගන්න. චීස් ක්‍රීම් එක කාමර උෂ්ණත්වයේ තියෙනකොට beat කරන්න එකතු කර ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ sour ක්‍රීම්, දෙහි යුෂ සහ වැනිලා එකතු කර ගෙන ආයෙම සැරයක් හොඳින් beat කර ගන්න. බිත්තර එකින් එක එකතු කර ගනිමින් ගොඩක් ලොකු වේගයකින් නැතිව සාමාන්‍ය වේගයකින් beat කර ගන්න. බිත්තර තුනම දාලා ඉවර උනාම beat කරන එකත් නතර කරන්න, මොකද ඕනිවට වඩා ඔයා beat කරන්න ගියොත් ඔයාගේ චීස්කේක් එක සීතල වෙනකොට උඩින් ඉරි තලන්න, කැඩෙන්න බලන්න පුළුවන්.
- අපේ චීස් කේක් එක bake කර ගමු
- අපි කලින් හදා ගෙන තිබ්බ crust එක උඩට, චීස් කේක් පිරවුම හෙමින් වක් කර ගන්න. spatula එකක් ආධාරයෙන් ලස්සනට එක තුනී කර ගන්න. ඊට පස්සේ මේක අවන් එකේ විනාඩි 30 ක් වගේ කාලයක් bake කර ගන්න. අවන් එක ටික වෙලාවක් off කරලා අවන් එකේ ඇතුලේ රස්නෙත් එක්ක ටික වෙලාවක් කේක් එක තියලා තියන්න. එකෙන් අපේ කේක් එක ලස්සන finishing එකක් එක්ක bake වෙනවා.
ඔන්න අපේ චීස් කේක් එක අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ කේක් එක ටිකක් සීතල වුනාම කන්න තමයි.
ඔයාට කැමති නම් ස්ට්‍රෝබෙරි වගේ පලතුරු, චොක්ලට්, විප් ක්‍රීම්, කස්ටඩ්, කැරමල් වගේ ගොඩක් දේවල් topping විදිහට එකතු කර ගන්න පුළුවන්.
ඒ වගේම crust එක හදා ගන්නකොට oreo බිස්කට් උනත් ඔයාට කැමති නම් එකතු කර ගන්න පුළුවන්. එතකොට චොක්ලට් crust එකක් තියෙන චීස් කේක් එකක් ලැබෙන්නේ.
ඔයා මේ හදා ගත්ත චීස් කේක් එක දවස් 5 ක් වගේ කාලයක් ශීතකරණයක දාල තියා ගන්න පුළුවන්. ඊට වැඩි කාලයක් තියා ගන්න ඕනි නම් කේක් එක freeze කරන්න ඕනි.
ඉතින් ඔයත් මේ ලේසිම ලේසි රසම රස චීස් කේක් එක try කරලා බලන්නකෝ.
ආයෙම දවසක මේ වගේම රසම රස කෑමක් එක්ක එකතු වෙනකම් පරිස්සමෙන් ඉන්න එහෙනම්.

