සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්රකාශ කරනවා.
එහි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, දැනටමත් ලියාපදිංචි අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට අදාළ උපකරණ සවිකර ඇති බවයි.
ඒ යටතේ වැඩි වේලාවක් බස් නැවතුම්පොළවල, බස් රථ නවතාගෙන සිටීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කරනවා.

