පාස්පෝට් ගන්න වෙලාවක් වෙන් කර ගෙන එන ලෙස දැනුම් දීමක්

දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමෙන් පසුව පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් රෝගාබාධයන්ට ලක්ව විදෙස් ගත වීමට සිටින හෝ සති දෙකක තුනක නිවාඩුවකට ලංකාවට පැමිණ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට සිටින අයට අදාළ ලේඛන පෙන්වා පැමිණීමේ හැකියාව පවතින බවයි දැනුම් දෙන්නේ.

ඉදිරි සති දෙකෙන් පසු ඉතාම පහසුවෙන් ගමන් බලපත්‍රය සකසා ගත හැකි ක්‍රමයක් සකස් කිරීමට නියමිත බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.