තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද

දෙවන එලිසබෙත් මහා රැජිනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව රාජ්‍ය පාලනයක් සනිටුහන් කරමින් තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද පැවැත්වෙනවා.

ඒ ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී ය.

චාල්ස් රජු විසින් සාන්ත එඩ්වඩ්ගේ කිරුළ ද, ඔහුගේ බිසව වන කැමිලා බිසව විසින් මේරි රැජිණගේ කිරුළ ද පැළඳීමට නියමිත ය.

ලොව පුරා මාධ්‍ය ආයතන රාජාභිෂේක මංගල්‍යයේ සජීවි විකාශය සඳහා ලන්ඩන් අගනුවරට පැමිණ ඇති අතර ගෝලීය ප්‍රේක්ෂකයින් මිලියන ගණනක් ඒ හරහා රාජාභිෂේකය සජීවීව නරඹනු ඇතැයි අපේක්ෂා කරනවා.

ප්‍රධාන රාජාභිෂේක මංගල්‍යයෙන් අනතුරුව හෙට දිනයේ වින්ඩ්සර් මාලිගයේ දී සුප්‍රකට තරු රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක් ද පැවැත්වීමට සුදානම් කර තිබෙනවා.