දිස්ත්රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්රකාශ කරනවා.
ඒ බදුල්ල දිස්ත්රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාල බලප්රදේශ, කෑග්ලල දිස්ත්රික්කයේ කෑගල්ල ප්රාදේශීය ලේකම් බලප්රදේශය සහ මාතර දිස්ත්රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්රාදේශීය ලේකම් බලප්රදේශ සඳහා ය.
ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් ආදී තත්තවයන් ගැන නිතර අවදානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අද උදෑසන කොළඹ සහ තදාසන්න ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව යි වාර්තා වෙන්නේ.

