සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදා ගැනේ

සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් 06 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මුදා ගෙන තිබෙනවා.

ජෙඩාහි කින් ෆයිසාල් නාවුක කඳවුරට රැගෙන ආ එම පිරිස, ජෙඩාහි වැඩ බලන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා විසින් භාර ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සුඩානයේ කොටුවී සිටින සමස්ථ ශ්‍රී ලාංකිකයින් ගණන 41 ක් වන අතර ඉතිරි පිරිස ද ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහය ඇතිව නිරුපද්‍රිතව බේරා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.