අද දින පෙරවරු 11 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක තුළ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව කොලොන්නාව නගරසභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, රාජගිරිය, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට මෙන්ම අතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත් හිටවනු ලැබේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලබන්නේ කොලොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

