මිරිහාන ගල්වල පාර ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, එහිදී තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.
ඥාති නිවසකදී දෙපාර්ෂවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව තිබේ.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.

